Monday, May 15, 2017




දුර ගමනක් යා යුතුයි


රිදෙන පා යුග
හෙමින් ඔසවා
යනෙ'න දුක්ගිනි

නෙතින් උහුලා
මව්පිය සොහොයුරු

පැතුමන් වැඳලා
සිහිනය වෙත මා
යන්නෙමි මතුදා ...

Tuesday, April 25, 2017



සොදුරු නිමේෂයක
සුපහන් හැඟුමින්
වඩින්නට අවසරද .....
ඔබේ සිත් අසපුවට .....

පන්හිඳෙන් සිත් අසපුව මත
ජීවිතයේ කවිය
ගෙත්තම් කරන්නට
මොහොතකට අවසරද ........